Sunday, March 11, 2018

සංවත්සරය සැමරීම හා සමෘද්ධි උපහාර උළෙල.


හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ විසි වන ( 20 ) මහ සභා රැස්වීම උපහාර උළෙල 2018.02.20 දින හෝමාගම ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ප්‍රජා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට අයත් ග්‍රාම නිලධාරී වසම් 15 තුලින්ම තෝරා ගන්නා ලද හොදම ව්‍යවසායකයා, හොදම කුඩා කණ්ඩායම, 2017 වසර තුල සාමාජික තැන්පතු, කොටස්, සාමාජික නොවන, ළමා, දිරිය මාතා සමූහ, සිසුරක වැඩිම තැන්පතු ඇති තැන්පත්කරුවන් සදහා ත්‍යාග පිරිනැමීම ද සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන නියෝජනය කරන පාලක මණ්ඩල සභාපතිවරුන් ද වැඩිම අවුරුදු ගණුදෙනු, දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද නිලධාරීන්ද ඇගයීමට ලක්කල අතර ඔවුන්ට ද  සහතික පත් හා කුසලතා සම්මාන පිරිනමන ලදී. හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සදහා 2018 වසරට පාලක මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුකෙරිණ.
මෙම උත්සව අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් දිවිනැගුම කළමණාකරු හසිතා විජේසුන්දර මහත්මිය, මූලස්ථාන දිවිනැගුම කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ මහතා, පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු තිලකරත්න බණ්ඩා මහතා, මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කලමණාකරු සමන්ත ප්‍රේමසිරි මහතා, හෝමාගම කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම්හි ග්‍රාම නිලධාරී නිලධාරී මහත්ම මහත්මීන් මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
මෙදින ආරාධිත විශේෂ දේශනය පවත්වන ලද්දේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ  මහතා විසිනි. 
හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ජීවනී ද කොස්තා මහත්මිය ඇතුළු බැංකු  හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ‍විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණී.




ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන දල්වමින්.


ආරාධිත විශේෂ දේශනය මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ  මහතා විසින් පවත්වමින්. 




ළමා සමාජ දරුවන්ගේ නර්තනාංග.


ළමා සමාජ දරුවන්ගේ නර්තනාංග.


උත්සවයට සහභාගීවූ පිරිසෙන් කොටසක්.



 කොළඹ දිස්ත්‍රික් දිවිනැගුම කළමණාකරු හසිතා විජේසුන්දර මහත්මියගේ සුරතින් නිලධාරී ඇගයීමේ සහතික පත්‍රය පිළිගැන්වීම.



වාර්තා කිරීම   -  සමෘද්ධි සන්නිවේදක, හෝමාගම - චමිලා ජයතුංග මහත්මිය.

සකස් කිරීම    -  සහකාර අධ්‍යක්ෂ, කොළඹ - ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -  ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment