Sunday, June 24, 2018

අධි පොසොන් සැමරුම මොරටුව උතුර සමෘද්ධි කළාපය.

මෙවර අධි පොසොන් පොහෝ දිනය සමරමින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරටුව උතුර කළාපයේ කළමණාකාරු දුලානි ප්‍රියංගිකා මහත්මියගේ මූලිකත්වයෙන් හා කළාපයේ සියලුම දිවිනැගුම සංවර්ධන නිලධාරීන්ගේ උනන්දුව හා කැපවීම මත සංවිධානය කෙරුණු දාන සීල භාවනා වැඩසටහනක් සොයිසාපුර පිහිටි සමෘද්ධි ප්‍රජාමූල බැංකු පරිශ්‍රෙය් දී පසුගිය දා පැවැත්වුණි.













          කළාපයට අදාළ සෑම ග්‍රාම නිළධාරී වසමක්ම නියෝජනය වන පරිදි සහභාගී වූ පිරිස් සිල් සමාදන් කරවනු ලැබුවේ මොරටුව බෝධිරතනාරාම වාසී පූජ්‍ය වීරවිල සුනීත හිමි විසිනි. එදින දවස පුරා පැවැත් වූ මෙම වැඩසටහන සඳහා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් ඇතුළු පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ කටයුතු රාශියකින් සමන්විත විය.
          එදිනට නියමිත පෙරවරු ධර්ම දේශනාව රත්මලාන මංගලාරාම වාසී පූජ්‍ය මේධානන්ද හිමි විසින් පැවුත්වූ අතර පස්වරු ධර්මදේශනාව සොයිසාපුර බෝධිරතනාධිපති පූජ්‍ය ගෝනදෙනියේ සුමනරතන හිමි විසින් පවත්වන ලදී.  මොරටුව උතුර කළාප කළමණාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන හා සම්බන්ධ වෙමින් නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිතර නිතර දක්නට ලැබෙන බවත් මේ තුළින් මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වැඩි දියුණු කිරීමට මෙම නිලධාරීන් ගන්නා උත්සහය සමස්ථ රටට ම ආදර්ශයක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කරන ලදී.  මෙම වැඩසටහන සදහා සියළු වියදම් කළාප කළමණාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පෞද්ගලික වියදමින් සිදුකළ අතර එය ද, පැමිණි බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.  ලබන 27 දිනට යෙදෙන පොසොන් උත්සවය සමරමින් ද දන්සැල්,බණ , භාවනා ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට ද මොරටුව උතුර ප්‍රජාමූල බැංකු කළමණාකරු ඇතුළු කාර්යමණ්ඩලය මේ වන විට සංවිධානය වෙමින් සිටී.


වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, මොරටුව. එන්. යසරත්න මහතා

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   දිස්ඒත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ජී.එස්. අශෝක කුමාර මහතා.

Tuesday, June 5, 2018

අවුරුදු සිරිත් වලට මුල්තැන දෙමින් .......

මත්තේගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා මූල සංවිධානය වාර්ෂිකවම සිදුකරගෙන එනු ලබන චාරිත්‍රයකි. අළුත් අවුරුද්දට පසු එළබෙන ප්‍රජා මූල සංවිධාන රැස්වීමේදී අළුත් අවුරුදු කෑම මේසය චාරිත්‍රය ඉටුකිරීම. මෙම චාරිත්‍රය මෙවරත් මත්තේගොඩ නැගෙනහිර පියරතනාරාම විහාරස්ථානයේදී 2018.04.23 වන දින මත්තෙගොඩ නැගෙනහිර දිවිනැගුම සංවර්ධන නිලධාරී  ලීනා අයිරානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණ.

මෙවර අළුත් අවුරුදු කෑම මේසය චාරිත්‍රයට අමතරව ප්‍රජා මූල සංවිධානයෙහි සාමාජිකයින් සදහා පමණක් තරග කිහිපයක්ද සංවිධානය කර තිබුණි. වයස් බේදයකින් තොරව සියළුම සාමාජිකාවන් මෙම අවුරුදු ක්‍රීඩා සදහා ඉතා සතුටින් සහභාගී වූහ.





















වාර්තා කිරීම    -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම. චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -   සහකාර අධ්‍යක්ෂ කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය      -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

සමෘද්ධි සමාජ සත්කාර....


කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ පිළියන්දල සමෘද්ධි ප්‍රජාමුල බැංකුවට අයත් 573 කොළමුන්න ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ සමාධි/උදාර සමෘද්ධි ප්‍රජාමුල සංවිධාන එකමුතුවෙන් මත්තෙගොඩ ළමා නිවාසය (කැමිලා පාසැල) දරු දැරියන්  වෙනුවෙන්  දිවා ආහාරය ලබා දීමේ මහා පිංකම 2018.05.25 වන දින පවත්වන ලදී.

එම අවස්ථාවට මුලස්ථාන සමෘද්ධි කළමනාකරු නන්දනී මැණිකේ මහත්මිය සහ පිළියන්දල සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පාලක මණ්ඩල සභාපති සහ කොළමුන්න ප්‍රජාමුල සංවිධාන වල සභාපතිවරු සහ සමාජික මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.











වාර්තා කිරීම    -   සමෘද්ධි සන්නිවේදක, කැස්බෑව. සුනිල් හෙට්ටිආරච්චි.

සකස් කිරීම     -   ෆීලික්ස් ප්‍රනාන්දු. සහකාර අධ්‍යක්ෂ කොළඹ.

අධීක්ෂණය     -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

Friday, June 1, 2018

ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී කොඩි වැඩසටහන නිලධාරී ඇගයීම.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 ජාත්‍යන්තර දුම්වැටි හා මත්විරෝධී දිනයට සමගාමීව පවත්වන කොඩි වැඩසටහනින් වැඩිම මුදලක් ඒකරාශීකරණය කිරීමට දායකත්වය දැක්වූ නිලධාරීන් ඇගයීම 2018.05.08 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවති සමෘද්ධි නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සිදු කෙරිණ.
රු.351,220/= ක මුදලක් ඒකරාශීකරණය කිරීමට දායකත්වය දක්වන ලද හේනවත්ත ග්‍රාම නිලධාරී වසමේ ටී.සුදත් රෝහණ මහතාට හා රු.100,020/= ක මුදලක් ඒකරාශීකරණය කිරීමට දායකත්වය දක්වන ලද මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ පද්මසිරි රතුගමගේ  මහතාට සමරු තිළිණ හා ප්‍රශංසා ලිපිද රුපියල් 20,000/= ට වැඩි ආදායමක් කිරීමට දායකත්වය දක්වන ලද ග්‍රාම නිලධාරී වසම් 14 ක සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 11 කු සදහා ප්‍රශංසා ලිපිද හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ සුරතින් ප්‍රදානය කෙරිණ.
2017 ජාත්‍යන්තර දුම්වැටි හා මත්විරෝධී දිනයට සමගාමීව පවත්වන කොඩි වැඩසටහන සදහා දායකත්වය දක්වන ලද සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන ඇගයීමද සමෘද්ධි ප්‍රජා මූල ප්‍රාදේශීය සංවිධාන රැස්වීමේදී සිදුකිරීමට නියමිතය.






වාර්තා කිරීම    -   සමෘද්ධි සන්නිවේදක, හෝමාගම. චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -    සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය      -    දිස්ත්‍රික් අධ්‍යක්ෂ, ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා.

Friday, May 25, 2018

‘පිය‘ රැකවරණය අහිමි දරුවන්ට පාසැල් උපකරණ ලබාදේ.....

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුදුවත්ත ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් වල පියා අහිමි දරුවන් 12 ක් සදහා දිවා ආහාරය ලබාදීම හා එම දරුවන්ට පාසැල් උපකරණ ලබාදීම 2018.04.29 වන දින කුරුදුවත්ත ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණ.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව කුරුදුවත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ප්‍රියංගනී අතුකෝරල මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට මේ සදහා උදව් උපකාර කල පරිත්‍යාගශීලීන් කුරුදුවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.








වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, හෝමාගම. චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

ත්‍රෛයි මාසික ප්‍රගති සමාලෝචනය. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.


කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 05 ට අයත් වසම් 72 හි ත්‍රෛයි මාසික ප්‍රගති සමාලෝචනය 2018 මැයි 22 වන අගහරුවාදා දින පෙ.ව 9.00 සිට ප.ව 4.30 දක්වා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එහිදී විශේෂයෙන් චක්‍ර ලේඛ, සහනාධාර, බැංකු ක්‍රියාවලිය, ප්‍රජාමූල සමිති ක්‍රියාවලිය ඇතුළු කරුණු රාශියක් සාකච්ඡා කල අතර වසම් මට්ටමින් බැංකු කලාප 05 නියෝජනය වන පරිදි වසමේ සංවර්ධන නිලධාරීන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවට කොළඔ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අසෝක කුමාර මහතා, සහකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු කොළඔ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විෂය භාර කළමනාකරුවන් සහ කැස්බෑව සමෘද්ධි මුලස්ථාන කළමනාකාරීන් සහ කලාප කළමනාකරුවන් අතුළු සමෘද්ධි සංවර්ධන  නිලධාරින් රැසක් සහභාගී වූහ.









වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, කැස්බෑව. සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්.අශෝකකුමාර මහතා.

සමෘද්ධි ළමා සමාජ තරඟාවලිය. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.







වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, කැස්බෑව. සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.