Monday, March 19, 2018

අධ්‍යාත්මික ප්‍රාග්ධනයද වර්ධනය කර ගනිමු.


“පවුලේ බර කරට ගනිමින් තම පවුලේ ආර්ථිකය දියුණු කර ගැනීමට කටයුතු කරන කාන්තා ව්‍යවසායකයින්ගේ ආර්ථිකය වර්ධනය මෙන්ම අධ්‍යාත්මික ප්‍රාග්ධනය ද වැඩි දියුණු කර ගත යුතුය.“ මැයෙන් මෙවර ජගත් කාන්තා දිනය සමරමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටුවා ඇති “එකමුතු“ සමෘද්ධි ව්‍යාපාරික සංසදයේ සාමාජිකාවන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2018.03.09 වන දින සමෘද්ධි බැංකු සමීති කලමණාකාරිණී ටී.ජී.ශ්‍රියාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“අධ්‍යාත්මික ප්‍රාග්ධනයද වර්ධනය කර ගනිමු“. මැයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසිනි.

මෙම වැඩසටහන සදහා ව්‍යාපෘති සහකාර රේණුකා මල්කාන්ති මහත්මිය “එකමුතු“ සමෘද්ධි ව්‍යාපාරික සංසදයේ ගරු සභාපති ෂෝන් ධනුෂ්ක මහතා, ලේකම් මාලා කුමාරි රණසිංහ මහත්මිය ද එක්විය.






වාර්තා කිරීම  -  සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම   -  සහකර අධ්‍යක්ෂ කෙළඹ, ෆීලික්ස් ප්‍රනන්දු.

අධීක්ෂනය    -  දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමර මහතා.

1 comment:

  1. චමිලා ජයතුංග මහත්මයට සුබ පැතුම්

    ReplyDelete