Friday, May 25, 2018

‘පිය‘ රැකවරණය අහිමි දරුවන්ට පාසැල් උපකරණ ලබාදේ.....

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුදුවත්ත ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් වල පියා අහිමි දරුවන් 12 ක් සදහා දිවා ආහාරය ලබාදීම හා එම දරුවන්ට පාසැල් උපකරණ ලබාදීම 2018.04.29 වන දින කුරුදුවත්ත ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණ.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව කුරුදුවත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ප්‍රියංගනී අතුකෝරල මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට මේ සදහා උදව් උපකාර කල පරිත්‍යාගශීලීන් කුරුදුවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.








වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, හෝමාගම. චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

ත්‍රෛයි මාසික ප්‍රගති සමාලෝචනය. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.


කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 05 ට අයත් වසම් 72 හි ත්‍රෛයි මාසික ප්‍රගති සමාලෝචනය 2018 මැයි 22 වන අගහරුවාදා දින පෙ.ව 9.00 සිට ප.ව 4.30 දක්වා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එහිදී විශේෂයෙන් චක්‍ර ලේඛ, සහනාධාර, බැංකු ක්‍රියාවලිය, ප්‍රජාමූල සමිති ක්‍රියාවලිය ඇතුළු කරුණු රාශියක් සාකච්ඡා කල අතර වසම් මට්ටමින් බැංකු කලාප 05 නියෝජනය වන පරිදි වසමේ සංවර්ධන නිලධාරීන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවට කොළඔ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අසෝක කුමාර මහතා, සහකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු කොළඔ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විෂය භාර කළමනාකරුවන් සහ කැස්බෑව සමෘද්ධි මුලස්ථාන කළමනාකාරීන් සහ කලාප කළමනාකරුවන් අතුළු සමෘද්ධි සංවර්ධන  නිලධාරින් රැසක් සහභාගී වූහ.









වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, කැස්බෑව. සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්.අශෝකකුමාර මහතා.

සමෘද්ධි ළමා සමාජ තරඟාවලිය. කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.







වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, කැස්බෑව. සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

Thursday, May 3, 2018

“අපේ කම රැක ගනිමු - ඉතුරුමට මග කියමු“ සිංහල/ හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමීව ඉතුරුම් ප්‍රවර්ධනය හා අළුත් අවුරුදු උත්සව - 2018

මෙවර සිංහල/හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි ( මීගොඩ, හෝමාගම, පිටිපන, මත්තේගොඩ, පොල්ගස්ඕවිට) අළුත් අවුරුදු ගණුදෙනු චාරිත්‍රය ඉතාමත් උත්සවශ්‍රීයෙන් සැමරූ අතර අළුත් අවුරුදු උත්සවද ඉතාමත් උත්සවශ්‍රීයෙන් 2018.04.22 වන දින බැංකු කලාප මට්ටමින් පැවැත්වීමට බැංකු කලමණාකාර මහත්ම මහත්මීන් හා බැංකු හා ක්ෂේත්‍ර දිවිනැගුම සංවර්ධන නිලධාරීන් විසින් කටයුතු සංවිධානය කර තිබුණි.
මීගොඩ අවුරුදු උත්සවය මීගොඩ සමෘද්ධි බැංකු පරිශ්‍රය අසලත්, හෝමාගම අවුරුදු උත්සවය හෝමාගම උතුර ග්‍රාම නිලධාරී වසමේ වෑකන්ද වෙල්යාය අසලදීත් පිටිපන අවුරුදු උත්සවය පිටිපන මහා විද්‍යාලයීය ක්‍රිඩා භූමියේදීත් මත්තේගොඩ අවුරුදු උත්සවය මත්තේගොඩ සමෘද්ධි බැංකු පරිශ්‍රය අසලත් පොල්ගස්ඕවිට අවුරුදු උත්සවය රිලාවල ග්‍රාම නිලධාරී වසමේ නිසල උයන ක්‍රීඩා පිටියේදීත්  පැවැත්විණ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය, කොළඔ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතා, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු ටී.ජී. ශ්‍රියාණි මහත්මිය, මූලස්ථාන දිවිනැගුම කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ කලමණාකරුවන් වන ශිරාණි කහදගේ මහත්මිය හා රෝහණ මහතා, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය ද හෝමාගම කොට්ඨාශයේ සමෘද්ධි අළුත් අවුරුදු  සදහා සහභාගී වූහ.






























වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා.

සිප්දොර ශිෂ්යවත්ව ලබාදීම - කැස්බෑව.

2017-2019 අ.පො.ස උසස්පෙළ  අධ්‍යන වර්ෂය සදහා සම්මුඛ පරික්ෂණයෙන් තෝරා ගත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිසු දරු දැරියන් සදහා සමෘද්ධි සිප්දොර ශිෂ්‍යවත්ව සහතික ප්‍රදානය 2018 මැයි මස 03 වන දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  පැවැත්විණි.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම්තුමිය Y.K.S.ජීවමාලා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට සමෘද්ධි මුලස්ථාන කළමනාකාරිනී නන්දනී මැණිකේ මහත්මිය අතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් රැසක් සහ ශීෂ්‍යවත්වලාභී දු දරුවන් හා එම දෙමව්පියන් රැසක් සහභාගි විය.














වාර්තා කිරීම    -   සමෘද්ධි සන්නිවේදක කැස්බෑව, සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම     -   සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය     -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.