Saturday, April 28, 2018

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වාර්ෂික ප්‍රගති සමාලොචනය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි( මීගොඩ,හෝමාගම,පිටිපන,මත්තේගොඩ,පොල්ගස්ඕවිට ) 2017 වසර තුල බැංකු ප්‍රගති සමාලෝචනය 2018.04.05 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
2016.12.31 දින සිට 2017.12.31 දින දක්වා කාල පරිච්ඡේදය තුල හෝමාගම කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි දිගු කාලීන තැන්පතු, සාමාන්‍ය තාන්පතු, සජීවිකරණ තැන්පතු, කොටස් තැන්පත්, සාමාජික තැන්පතු, පිටහිටි ණය, ණයකරුවන් අනුපාතය, කල්පසුවූ ණය, බොල් ණය ආපසු අයකර ගැනීම, ද්‍රවශීලතා අනුපාතය, ණය තැන්පත්  අනුපාතය, ලාභදායීත්වය, ආදායම තුල ණය පොලී ආදායම, වත්කම් මත ගලපන ලද ප්‍රතිලාභ අනුපාතය, කොටසක ඉපැයීම, බැංකුවක මුල්‍ය තිරසාර බව, කාර්යය මණ්ඩල වියදම් අනුපාතය යන කරුණු ඔස්සේ සමෘද්ධි බැංකු පහෙහි ප්‍රගතිය සාකච්ඡා කර ප්‍රගතිය ඉදිරිපත් කිරිම සමෘද්ධි බැංකු සමීති කලමණාරු ටී.ජී.ශ්‍රියාණි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
2017 වසර තුල බැංකු ප්‍රගතිය අනුව ප්‍රථම ස්ථානය මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත්, දෙවන ස්ථානය පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් තෙවන ස්ථානය හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් සිව්වන ස්ථානය මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් හා පස්වන ස්ථානය පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් හිමිකර ගැණින.
මෙම බැංකු ප්‍රගතිය අතර තුර දීම හෝමාගම කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහ අතුරින් 2017 වසර තුල  වැඩිම සාමාජික තැන්පතු, කොටස්, සාමාජික නොවන, ළමා, දිරිය මාතා, සමූහ, සිසුරක යන ගිණුම්හි වැඩිම තැන්පතු ඇති තැන්පත් කරුවන් සදහා ත්‍යාග පිරිනැමීම ද, 2017 වසරේ අවුරුදු ගණුදෙනු සදහා වැඩිම මුදලක් ඒකරාශිකරණය කරන ලද හා කොළඹ දිස්ත්‍රික්කයේ බැංකු අතුරින් 2016 වර්ෂය තුල බැංකු ශ්‍රේණි ගත කිරීම් ඇගයීමේදී A ශ්‍රේණියේ   බැංකුවක් බවට පත්වූ මීගොඩ සමෘද්ධි බැංකුවේ බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ මහතා ඇතුළු කාර්යය මණ්ඩලය ඇගයීමද, අවුරුදු ගණුදෙනු සදහා වැඩිම මුදලක් ඒකරාශීකරණය කරන ලද දිවිනැගුම සංවර්ධන නිලධාරීන් ඇගයීමද  සමාජ සංවර්ධන වැඩසටහන් ඔස්සේ නිවාස ඉදිකිරීම් සිදුකරණ ලද නිලධාරීන්ට ප්‍රශංසා සහතික ලබාදීමද  සමෘද්ධි බැංකු සමීතිය නියෝජනය කරන විධායක කමිටු  සභාපතිවරුන් ද වැඩිම අවුරුදු ගණුදෙනු , දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද නිලධාරීන්ද ඇගයීමට ලක්කල අතර ඔවුන්ට ද සහතික පත් හා කුසලතා සම්මාන පිරිනමන ලදී. හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සදහා 2018 වසරට පාලක මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුකෙරිණ.
මෙම බැංකු ප්‍රගති රැස්වීම සදහා මූලස්ථාන දිවිනැගුම කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ  මහතා, පිටිපන සමෘද්ධි  ප්‍රජා මූල බැංකු කළමණාකරු තිලකරත්න බණ්ඩා මහතා, මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කලමණාකරු සමන්ත ප්‍රේමසිරි මහතා,  පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමණාකරු පී.සංජීවනී වේවැල්වල මහත්මිය, දිවිනැගුම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයන්හි සභාපති වරුන් මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු  සමීතියෙහි කළමණාකරු ටී.ජී.ශ්‍රියාණි  මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත බැංකු සමීති   කාර්යය  මණ්ඩලය ‍විසින් මෙම බැංකු ප්‍රගතිය සංවිධානය කර තිබුණී.
















වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -   සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය     -   දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

සමෘද්ධි බක්මහ උළෙල - 2018 මොරටුව උතුර කළාපය.

සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරමින් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු ජාලය හරහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ අවුරුදු උත්සව වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරටුව උතුර, මොරටුව දකුණ , මොරටුව මධ්‍යම යන සමෘද්ධි කලාපවලට අදාළව බක්මහ උළෙල තුනක් අප්‍රේල් 22 වන දින මොරටුවේ දී පැවැත්වුණි.
          ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් හා බැංකු කටයුතු ප්‍රවර්ධනය වන අයුරින් මොරටුව ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ හා මූලස්ථාන කළමණාකරු රසිකා නිලංජනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව උතුර කළාප කළමණාකාරිනි දුලානි ප්‍රියංගිකා මහත්මිය ඇතුළු කළාප කළමණාකරුවන්ගේ සංවිධාන ශක්තියෙන් අදාල කලාපවලට අයත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ උනන්දුව හා කැපවීම මත සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සවය සඳහා පාලක මණ්ඩලය හා ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 
          නිදහස් රටක අභිමානවත් හෙට දවස වෙනුවෙන් ජාතික සමගිය හා සහජීවනය අවශ්‍යම මොහොතක මෙවැනි සමෘද්ධි අවුරුදු උත්සව රටපුරා එක ම දිනක පැවැත්වීම සමෘද්ධි වැඩසටහනෙහි ගුණාත්මක හරය සෑම ජන කොටසක ම හදවත් තුළ සනිටුහන් වන්නට තවත් පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.



















වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක මොරටුව, එන්.යසරත්න මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

Thursday, April 26, 2018

බක්මහ උළෙල ශ්‍රී ජයවර්ධනපුර.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි බැංකු සංගම් කොට්ඨාශයේ ප්‍රජාව වෙනුවනේ සංවිධානය කරන ලද සිංහල අවුරුදු උළෙල 2018/04/22 දෙවන  දින රාජගිරිය පල්ලිය පටුමග ළමා ක්‍රිඩා පිටියේ දි සහ නුගේගොඩ රොබට්ගුණවර්ධන ළමා ක්‍රිඩා පිටියේදි ඉතාමත් අලංකාර ලෙස සමෘද්ධි කලමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සමෘද්ධි සභාපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය ලේකම් අමල් එදිරිසුරිය මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් බිමාලික නවරත්න මහත්මිය ඇතුලු කාර්යාලීය නිලධාරින් සහභාගි වූහ.
























වර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක ජපුර ඉන්දු ගමගේ මහත්මිය.

සකස් කිරීම   -   සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය   -   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

Tuesday, April 24, 2018

සමෘද්ධි බක්මහ උළෙල 2018.

දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් තුලම සමෘද්ධි බක්මහ සැණකෙළිය 2018 අ‌ප්‍රේල් මස 22 වන දින පැවැත්වෙද්දී ඊට සමගාමීව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැස්බෑව සමෘද්ධි බැංකුව ඊට අයත් සියලුම වසම් වල අඩු ආදායම් ලාභීන්ගේ සහභාගීත්වයෙන් පැලැන්වත්ත නැගෙනහිර වසමේ සමෘද්ධි බක්මහ උළෙල පැවැත්විණි.
උත්සවයේ කටයුතු ආරම්භ වුයේ දිගන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත අති ගෞරවනීය රේටියගම ාණේස්වර ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් අනතුරුවය.
උත්සවය සදහා හිටපු ප්‍රාදේශීය ලේකම් ආනන්ද සිරිකුමාර ලොකුරණවක මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි කළමනාකරු මොහාන් පෙරේරා මහතා, කැස්බෑව මහ සංගම් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයසුරිය මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමිති සභාපතිවරුන් හා ප්‍රතිලාභීන් රැසක්ද ප්‍රදේශවාසීන් රැසක්ද සහභාගී විය.
























වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක කැස්බෑව, සුනිල් හෙට්ටිආරච්චි මහතා.

සකස් කිරීම    -   ෆීලික්ස් ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ කොළඹ.

අධීක්ෂණය    -   ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ.