Sunday, February 25, 2018

සමෘද්ධි හරිත උයන

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දිවයින පුරා පැල දසලක්ෂයක් සිටුවීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව සමෘද්ධි හරිත උයන රුක්රෝපණ වැඩසටහන කැස්බෑව කොට්ඨශයේ බොරලැස්ගමුව කලාපයේ බොරළැස්ගමුව බටහිර C වසමේ පිල්ලෑව බෝධිරාජාරාම විහාරස්ථානයේදි 2017.06.23 වන දින පැවැත්විණි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධක අමාත්‍යාංයේ මෙහෙයවීමෙන් වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ජනක පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් එම වසමේ සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ නඩත්තුවෙන් හා රැකබලාගැනීමේ අදිටනින් ඇරඹි මෙම වැඩසටහනට පිල්ලෑව බෝධිරාජාරාම විහාරාධිපති පොලොන්නරුවේ සීලානන්ද නායක හිමියන් වහන්සේ ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජනරාල් නීල් බණ්ඩාර මැතිතුමන්, සමාජ සංවර්ධන අධක්ෂක ලංකාතිලක මැතිතුමා, කොළඔ දිස්ත්‍රික් අධක්ෂක ඒ.ඩී.එස් අශෝක කුමාර මැතිතුමා, කොළඔ දිස්ත්‍රික් සහකාර  අධක්ෂක  පිලික්ස් ප්‍රනාන්දු මැතිතුමා අතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.


වාර්තා කිරීම - සමෘද්ධි සන්නිවේදක කැස්බෑව, සුනිල් හෙට්ටිආරච්චි මයා.

සකස් කිරීම - සමෘද්ධි සහකාර අධක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය - සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ, ඒ.ඩී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment