Sunday, March 11, 2018

සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන බලගැන්වේ.


ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමෙහිලා දිළිදුබව තුරන් කිරීමේ සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම උදෙසා පුද්ගලයා, පවුල, කණ්ඩායම් සහ ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ගොඩනගනු ලබන සංවිධානය සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයයි.

ප්‍රජා මූල සංවිධානය තුලින් බල ප්‍රදේශයේ ප්‍රජාව තුල ආකල්පමය සංවර්ධනයක් ඇතිකරලමින් සෑම ක්ෂේත්‍රයකින්ම ප්‍රජාව සවිබල ගැන්වීමෙන්ද කළමණාකරන හා සන්නිවේදන කුසලතා වලින් පිරිපුන් ජීවනෝපාය ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින්ද දිළිදුකම මුලිනුපුටා දමා ආර්ථික, සාමාජීය, දේශපාලනික, භෞතික, මානසික, නීතිමය හා පාරිසරික සංවර්ධනය සාක්ශාත් කිරීම හා සමාජ සජීවිකරණය තුලින් ජාතික සංවර්ධන ක්‍රියාදාමයට දායකවේ.

මෙම අරමුණු සාක්ශාත් කර ගැනීමේ අරමුණින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගොඩ, හෝමාගම, පිටිපන, මත්තේගොඩ හා පොල්ගස්ඕවිට යන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවල දිවිනැගුම කළමණාකාර මහත්ම මහත්මීන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත දිවිනැගුම සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා මූල සංවිධාන 2018 වර්ෂය වෙනුවෙන් ප්‍රතිසංවිධනය කර නිලධාරීන් පත්කර ගැනීමේ සංවත්සර රැස්වීම්  ඉතා උත්කර්ෂවත් අන්දමින්  පැවැත්විණ.
 
ඒ අනුව , මත්තේගොඩ දිවිනැගුම කළමණාකරු සමන්ත ප්‍රේමසිරි  මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත කිරිවත්තුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2018.02.19 වන දින කිරිවත්තුඩුව සාම විහාරස්ථාන ධර්මශාලාවේදී  දිවිනැගුම සංවර්ධන නිලධාරී දර්ශණී ගුරුගේ මහත්මියගේ මූලිකත්වයෙන් සිදුවිය.

කිරිවත්තුඩුව සාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, කිරිවත්තුඩුව දකුණ ග්‍රාම නිලධාරී  පි. ජයවිලාල් මහතාද මෙම අවස්ථාවට එක්වූහ.




වාර්තා කිරීම  -  සමෘද්ධි සන්නිවේදක, හෝමාගම - චමිලා ජයතුංග මහත්මිය.

සකස් කිරීම   -  සහකාර අධ්‍යක්ෂ, කොළඹ - ෆීලික්ස් ප්‍රනාන්දු. 

අධීක්ෂණය   -  දිස්ත්‍රික් අධ්‍යක්ෂ, කොළඹ - ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment