Tuesday, April 3, 2018

කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි සංවත්සරය දා........


හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට අයත් කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සංවත්සර උත්සවය 2018.04.01 වන දින කටුවාන පිං බිම ශාලාවේදී පැවැත්විණ.







කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සමීතියෙහි 2017 වසර තුල හොදම කුඩා කණ්ඩායම, සාමාජික තැන්පතු, සාමාජික නොවන, ළමා, දිරිය මාතා ගිණූම් සදහා වැඩිම තැන්පත් ඇති ගණුදෙනුකරුවන් සදහා ද 2017 වසර තුල සමෘද්ධී රැස්වීම් සදහා වැඩිම පැමිණිම ඇති සාමාජිකාවන් සදහාද, සමෘද්ධි දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද කුඩා කණ්ඩායමට ත්‍යාග පිරිනැමීමද කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් කටුවාන පිංබිමෙහි විදුලිය සදහා රුපියල් 3000/= ක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුකෙරිණ.








මෙදින සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි සාමාජිකාවන්ගේ හා සමෘද්ධි කැකුළු ළමා සාමාජිකයින්ගේ ගීත වලින් උත්සව සභාව ප්‍රබෝධමත් කෙරිණ.









මෙම උත්සව අවස්ථාවට කටුවාන ග්‍රාම නිලධාරී රංජිත් තලාකොටුන්න මහතා, හෝමාගම සමෘද්ධි කලාපයෙහි කලාප සහකාර රුචිරා කාංචනමාලා මහත්මිය, කටුවාන දිවිනැගුම සංවර්ධන නිලධාරී ප්‍රේමලතා ගමගේ මහත්මිය, සමාජ සංවර්ධන සහකාර චමිලා ජයතුංග මහත්මිය මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි සභාපති අයි.එච්.ආර්.දමයන්ති මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලය ‍විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණී.

වාර්තා කිරීම    -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -    සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය     -     දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment