Saturday, April 28, 2018

සමෘද්ධි බක්මහ උළෙල - 2018 මොරටුව උතුර කළාපය.

සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරමින් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු ජාලය හරහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ අවුරුදු උත්සව වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරටුව උතුර, මොරටුව දකුණ , මොරටුව මධ්‍යම යන සමෘද්ධි කලාපවලට අදාළව බක්මහ උළෙල තුනක් අප්‍රේල් 22 වන දින මොරටුවේ දී පැවැත්වුණි.
          ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් හා බැංකු කටයුතු ප්‍රවර්ධනය වන අයුරින් මොරටුව ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ හා මූලස්ථාන කළමණාකරු රසිකා නිලංජනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව උතුර කළාප කළමණාකාරිනි දුලානි ප්‍රියංගිකා මහත්මිය ඇතුළු කළාප කළමණාකරුවන්ගේ සංවිධාන ශක්තියෙන් අදාල කලාපවලට අයත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ උනන්දුව හා කැපවීම මත සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සවය සඳහා පාලක මණ්ඩලය හා ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 
          නිදහස් රටක අභිමානවත් හෙට දවස වෙනුවෙන් ජාතික සමගිය හා සහජීවනය අවශ්‍යම මොහොතක මෙවැනි සමෘද්ධි අවුරුදු උත්සව රටපුරා එක ම දිනක පැවැත්වීම සමෘද්ධි වැඩසටහනෙහි ගුණාත්මක හරය සෑම ජන කොටසක ම හදවත් තුළ සනිටුහන් වන්නට තවත් පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.



















වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක මොරටුව, එන්.යසරත්න මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment