Sunday, April 1, 2018

දිරියෙන් නැගිටින්නට වෙරදරන මිනිසුන්ට සවිමත් අත්වැලක් වූ, මොරටුව “ආදර්ශ ගම්මාන” වැඩ අරඹයි.

ආර්ථික අගහිඟකම් නිසා ම තමන් තුළ ඇති විභව ශක්තීන් අවදිකර ආදායම් උත්පාදන ව්‍යාපෘති වැඩිදියුණු කර ගැනීම තුළින් පවුල් ආර්ථීකය සවිමත් කර ගැනීමට ඇති බාධක මඟහරිමින් , දිරියෙන් නැගිටින්නට වෙරදරන මිනිසුනට සවිමත් අත්වැලක් වූසමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ තෝරා ගෙන ඇති මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මල් පෝච්චි නිශ්පාදන ගම්මානයක් වන තෙලවල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දැනුවත් කිරීමේ හා එම ක්ෂේත්‍රයට අදාල ගැටලු හඳුනා ගැනීමේ විශේෂ රැස්වීමක් 2018.03.29 දින දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක අශෝක කුමාර මැතිතුමාගේ හා ජීවනෝපාය සංවර්ධන අධ්‍යක්ෂ වෙල්ලප්පිලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තෙලවල සිරිනිකේතනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. 











ඊට සහකාර සමෘද්ධි අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා හා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, මොරටුව මුලස්ථාන කළමණාකරු රසිකා නිරංජලා මහත්මිය,  මොරටුව ව්‍යාපෘති කළමණාකරු කෞෂානි අන්දවීර මහත්මිය, මොරටුව උතුර කලාප කළමණාකරු දුලානි ප්‍රියංගිකා මහත්මිය තෙලවල වසම භාර දිවිනැගුම සංවර්ධන නිලධාරී වී.පී. නිලන්ති මහත්මිය, මොරටුව සමාජ සංවර්ධන නිලධාරී ජයලාල් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර රැස්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමා හා ජීවනෝපාය අධ්‍යක්ෂකතුමා ඇතුලු පිරිස නිෂ්පාදන ගම්මානයේ ගෙයින් ගෙට ගොස් ව්‍යාපෘති අධීක්ෂණය කරමින් හඳුනාගත් ගැටලු පිළිබඳව ශක්‍යතා අධ්‍යනය කිරීමක් ද සිදු කෙරිණි.









පරම්පරා උරුමයෙන් මැටි කර්මාන්තය ජිවනෝපාය කරගත් මෙම ගම්මානයේ දිරිය මිනිසුන් මේ වන විට විසිතුරු සිමෙන්ති මල් පෝච්චි නිශ්පාදනය සඳහා යොමු වී ඇතත් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළු, නිර්මාණාත්මක දැනුම අවම වීම,අඩු වියදමකින් ප්‍රමිතියෙන් ඉහළ පෝච්චි නිශ්පාදන පිළිබඳ දැනුම අවම වීම, මූල්‍ය කළමණාකරණ දැනුම අවම වීම ආදී කරුණු බොහොමයක් නිසා අසරණ වී සිටින මොහොතක ආදර්ශ ගම්මානයක් ලෙස තෝරා ගනිමින් ගැටලු හඳුනාගෙන එයට අවශ්‍ය විසඳුම් ලබා දෙමින් මෙම නිශ්පාදන ගම්මානය නගා සිටුවීම තුළින් පවුල් ආර්ථිකය සවිබල ගැන්වීම‍ට ගන්නා උත්සහය මොරටුවට පමණක් නොව මුලු රටටම ආඩම්බරයකි.


වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක මොරටුව, එන්. යසරන්ත මහතා.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -    දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

1 comment:

  1. සුභ දවසක්. ඔයාලගේ වැඩෙි නියමයි. මම තමයි ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි ගමන බිලොග් එක කරන්නේ. තාක්ෂණික උපදෙස් අවශ්‍යනම් ඹනම වෙලාවක කතා කරන්න. ප්‍රදීප් 0771046949

    ReplyDelete