Sunday, April 15, 2018

දුෂ්කර පාසල්වල සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.







කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලේරියාව කළාපය විසින් වාර්ෂිකව දිවයිනේ තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්හි දුෂ්කර පාසල්වල සිසුන් සඳහා සියළුම පාසැල් උපකරණ නොමිලේ බෙදාදීමේ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කර ලබයි.




මෙවර ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුෂ්කර පාසැල් දෙකක් තොරා ගන්නා ලදී. ඒ බ/ඇල්ලන්ද විදුහල - අඹගහවත්ත හා බ/පන්වැව විදුහල - මස්පන්න යන පාසැල් දෙකවේ.





එම සත්කාරක වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන් පරිත්‍යාගශිලින් අතර, සිලොන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල්ට් ලිමිටඩ්, කොලොන්නාව හී කළමනාකාර අධ්‍යක්ෂ සංජිව විජේරත්න මහතා, නයගරා හෝටලයේ අධිපති අශෝක සරත් ගාමිණි මහතා, 503C මල්ගම වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය යමුනා කිර්තිනා මහත්මිය සහ ධම්මිකා දහනායක මහත්මියත්, 504 කැළණිමුල්ල, 505A මල්පුර ඇන්ට් වසන්ති මහත්මිය  ඇතුලු 504A  බැලගම වසම්වල ව්‍යාපාරික  ප්‍රජාව විය.








        එලෙසම නොමසරු පරිත්‍යාගශීලි සංවිධානාත්මක දායකත්වය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්, කොළොන්නාව සමෘද්ධි සමීතියේ කලමනාකාර අධ්‍යක්ෂ ඒ.එම්.සී. බණ්ඩාර මහතා, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතා, බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.එම්.ජී. විජය බණ්ඩාර මහතා, කොළොන්නාව සමාජ සවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, මුල්ලේරියාව ක්ෂේත්‍ර සහකාර එච්.ජී. සුජිත් මහතා, සමෘද්ධි සමීති නිළධාරීන් වන මානෙල් බ්‍රැන්ඩිගමිපල මහත්මිය හා ඩී.ඩබ්.පද්මාවති මහත්මිය ලබාදෙන ලදී.
        විශේෂයෙන් මෙම සත්කාරය සඳහා සුවිශේෂ කැපවීමෙන් හා නොපසුබට උත්සහයෙන් කටයුතු කල සමෘද්ධි සවර්ධන නිළධාරී ලලනි චන්ද්‍රිකා මහත්මිය සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදී.


වර්තා කිරීම   -  සමෘද්ධි සන්නිවේදක කොළොන්නාව,
                        තිලක් රණසිංහ මහතා.

සකස් කිරීම   -  සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය   -  ඒ.ජී.එස් අශෝක කුමාර මහතා,
                        දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ.

No comments:

Post a Comment