Monday, April 16, 2018

‘එකමුතු‘ නිවහන භාරදුන් දා..........


දෙමාපියන්ගේ රැකවරණයක් නොමැතිව මිත්තණියගේ රැකවරණය පමණක් ලබා පාසැල් අධ්‍යාපනය ලබන පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් දියණියකට හිසට ස්ථිර සෙවනක් නොමැතිව ජීවත් විය. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වටරැක දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වූ කේ.එස්.සුමනාවතී මහත්මියට හා එම දරුවන් තිදෙනාට හිසට සෙවනක් ඉදිකරදීමේ වගකීම භාරගත් වටරැක දකුණ දිවිනැගුම සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න මහතා ඔහුගේ විවිධ වැඩසටහන් වලට දායකත්වය ලබාදෙන මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ප්‍රජාව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.





තුසිර ඉන්දික කරුණාරත්න මහතාගේ යෝජනාව මල් පල ගැන්වීමට අදිටන් කරගත් මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ප්‍රජාව ඔවුන්ගේ “ එකමුතු“ මරණාධාර හා සුභ සාධක සංගමයට වසර 03 ක් පිරීමේ සංවත්සරය සැමරීම වස් එම නිවස ඉදිකිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඒ සදහා වෙළද ප්‍රජාවගේ හිතමිතුරන්ද දායක කර ගනිමින් කේ.එස්. සුමනාවතී මහත්මියට හා ඇය රැක බලා ගන්නා දරුවන් තිදෙනා වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමේ කටයුතු ආරම්භ කෙරිණ.







නව නිවසේ වැඩකටයුතු ආරම්භ කර දින 17 ක් තුලදී නිවසේ වැඩ නිමකර නිවසට අවශ්‍ය සියළුම භාණ්ඩද ඇතුළුව රුපියල් ලක්ෂ 15 කට වැඩි වටිනාකමකින් යුත් නව නිවහන භාරදීමේ උත්සවය 2018.03.31 දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් මාලිකා කරවිට මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

කේ.එස්.සුමනාවතී මහත්මියට අයත් නිවස ඉදිකර දුන් ඉඩමද උකස් කර සින්න වී තිබූ අතර එම ඉඩමද තුසිර ඉන්දික කරුණාරත්න මහතාගේ හා මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේද ඉල්ලීම මත උකස් මුදලද ලබානොගෙන එය බේරා නැවත එම දරුවන් තිදෙනාට හා  මිත්තණියට භාරදීමට ව්‍යාපාරික මාග්‍රට් ජයරත්න මහත්මිය කටයුතු කල අතර ඇයගේ සුරතින්ම  එම ඔප්පු ප්‍රධානයද නිවස භාරදීමේ උත්සව අවස්ථාවේදීම සිදුකෙරිණ.

මෙම නිවසට අවශ්‍ය ජල පහසුකමද වටරැක දකුණ ප්‍රජා ජල ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ලබාදී තිබුණි.





නිවස භාරදීමේ උත්සව අවස්ථාවට වටරැක පුණ්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති සියම් නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාත් ද්විතීය බල සම්පන්න මුළු දිවයිනටම සාමවිනිසුරු  පාදුක්ක උඩුමුල්ල විමලජෝති පිරිවෙන් පරිවේනාධිපති විනයාචාර්ය මාවල්ගම ඥානේස්වර  නායක හිමිපානන් වහන්සේ, කොළඔ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශයේ කලමණාකරු නිල්මා වසන්ති මහත්මිය, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු ටී.ජී.ශ්‍රියාණි මහත්මිය, මීගොඩ පොලිස් මුරපොලෙහි ස්ථානාධිපති තුමා ඇතුළු කාර්යය මණ්ඩලය, මීගොඩ සමෘද්ධි බැංකු කළමණාකරු ඒ.ආර්.රූපසිංහ මහතා,මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරු ප්‍රසාද් ඉන්ද්‍රජිත් මහතා, වටරැක දකුණ ග්‍රාම නිලධාරී එච්.ජී.බන්දුලසේන මහතා, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ ගරු සභාපති ආනන්ද විජේරත්න මහතා ඇතුළු නිල මඩුල්ල, “ එකමුතු“ මරණාධාර හා සුභ සාධක සංගමයේ ගරු සභාපති සනත් මෛත්‍රී රත්න මහතා ඇතුළු නිල මඩුල්ල, වටරැක දකුණ කෘෂිකර්ම හා නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරී හේමා මල්ලිකා මහත්මිය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී දිස්නා සමරතුංග මහත්මිය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව හා චමිලා ජයතුංග මහත්මිය, මීගොඩ කලාපයට අයත් දිවිනැගුම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සමෘද්ධි ප්‍රජා මූල සමීතියේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ප්‍රදේවාසීන් මෙම අවස්ථාවට එක්වූහ.



වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment