Saturday, April 28, 2018

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වාර්ෂික ප්‍රගති සමාලොචනය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි( මීගොඩ,හෝමාගම,පිටිපන,මත්තේගොඩ,පොල්ගස්ඕවිට ) 2017 වසර තුල බැංකු ප්‍රගති සමාලෝචනය 2018.04.05 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
2016.12.31 දින සිට 2017.12.31 දින දක්වා කාල පරිච්ඡේදය තුල හෝමාගම කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි දිගු කාලීන තැන්පතු, සාමාන්‍ය තාන්පතු, සජීවිකරණ තැන්පතු, කොටස් තැන්පත්, සාමාජික තැන්පතු, පිටහිටි ණය, ණයකරුවන් අනුපාතය, කල්පසුවූ ණය, බොල් ණය ආපසු අයකර ගැනීම, ද්‍රවශීලතා අනුපාතය, ණය තැන්පත්  අනුපාතය, ලාභදායීත්වය, ආදායම තුල ණය පොලී ආදායම, වත්කම් මත ගලපන ලද ප්‍රතිලාභ අනුපාතය, කොටසක ඉපැයීම, බැංකුවක මුල්‍ය තිරසාර බව, කාර්යය මණ්ඩල වියදම් අනුපාතය යන කරුණු ඔස්සේ සමෘද්ධි බැංකු පහෙහි ප්‍රගතිය සාකච්ඡා කර ප්‍රගතිය ඉදිරිපත් කිරිම සමෘද්ධි බැංකු සමීති කලමණාරු ටී.ජී.ශ්‍රියාණි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
2017 වසර තුල බැංකු ප්‍රගතිය අනුව ප්‍රථම ස්ථානය මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත්, දෙවන ස්ථානය පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් තෙවන ස්ථානය හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් සිව්වන ස්ථානය මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් හා පස්වන ස්ථානය පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවත් හිමිකර ගැණින.
මෙම බැංකු ප්‍රගතිය අතර තුර දීම හෝමාගම කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහ අතුරින් 2017 වසර තුල  වැඩිම සාමාජික තැන්පතු, කොටස්, සාමාජික නොවන, ළමා, දිරිය මාතා, සමූහ, සිසුරක යන ගිණුම්හි වැඩිම තැන්පතු ඇති තැන්පත් කරුවන් සදහා ත්‍යාග පිරිනැමීම ද, 2017 වසරේ අවුරුදු ගණුදෙනු සදහා වැඩිම මුදලක් ඒකරාශිකරණය කරන ලද හා කොළඹ දිස්ත්‍රික්කයේ බැංකු අතුරින් 2016 වර්ෂය තුල බැංකු ශ්‍රේණි ගත කිරීම් ඇගයීමේදී A ශ්‍රේණියේ   බැංකුවක් බවට පත්වූ මීගොඩ සමෘද්ධි බැංකුවේ බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ මහතා ඇතුළු කාර්යය මණ්ඩලය ඇගයීමද, අවුරුදු ගණුදෙනු සදහා වැඩිම මුදලක් ඒකරාශීකරණය කරන ලද දිවිනැගුම සංවර්ධන නිලධාරීන් ඇගයීමද  සමාජ සංවර්ධන වැඩසටහන් ඔස්සේ නිවාස ඉදිකිරීම් සිදුකරණ ලද නිලධාරීන්ට ප්‍රශංසා සහතික ලබාදීමද  සමෘද්ධි බැංකු සමීතිය නියෝජනය කරන විධායක කමිටු  සභාපතිවරුන් ද වැඩිම අවුරුදු ගණුදෙනු , දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද නිලධාරීන්ද ඇගයීමට ලක්කල අතර ඔවුන්ට ද සහතික පත් හා කුසලතා සම්මාන පිරිනමන ලදී. හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සදහා 2018 වසරට පාලක මණ්ඩලය තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුකෙරිණ.
මෙම බැංකු ප්‍රගති රැස්වීම සදහා මූලස්ථාන දිවිනැගුම කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ  මහතා, පිටිපන සමෘද්ධි  ප්‍රජා මූල බැංකු කළමණාකරු තිලකරත්න බණ්ඩා මහතා, මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කලමණාකරු සමන්ත ප්‍රේමසිරි මහතා,  පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමණාකරු පී.සංජීවනී වේවැල්වල මහත්මිය, දිවිනැගුම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයන්හි සභාපති වරුන් මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු  සමීතියෙහි කළමණාකරු ටී.ජී.ශ්‍රියාණි  මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත බැංකු සමීති   කාර්යය  මණ්ඩලය ‍විසින් මෙම බැංකු ප්‍රගතිය සංවිධානය කර තිබුණී.
















වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -   සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය     -   දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment