Saturday, February 3, 2018

සමෘද්ධි අභිමානී උදුවප් දැක්ම.


සමෘද්ධි අභිමානී කොළඹ ශක්ති සමෘද්ධි ව්‍යවසායක දිස්ත්‍රික් සංගමය විසින් දෙවන වරට සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනය 2017 දෙසැම්බර් මස 19 හා 20 යන දිනයන්හී දී මහරගම සතිපොළ භූමියේදී පැවැත්විණ.

වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මහරගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය, මහරගම නගර සභාවේ ලේකම් තුමිය, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) එක්විය.

කොළඹ දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා, කොළඹ දිස්ත්‍රික් සහකාර දිවිනැගුම අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් ව්‍යාපෘති කළමනාකරු ගෝපිකා පල්ලියගුරු මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත කොළඹ දිස්ත්‍රික් ව්‍යවසායක සංසදයේ ගරු සභාපති වසන්ත පුෂ්පකුමාර මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය විසින් මෙම වෙළද ප්‍රදර්ශනය සංවිධානය කලහ. 

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ඨාශ වල පිහිටුවා ඇති ප්‍රාදේශීය ව්‍යවසායක සංසදයන්හි සාමාජිකයින්ගේ නිෂ්පාදන හාණ්ඩ මෙම වෙළද ප්‍රදර්ශනය එක්කර තිබුණි .














වාර්තා කිරීම - සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සැකසීම - සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය - ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment