Wednesday, February 21, 2018

සමෘද්ධි හරිත වන ව්‍යාපෘතිය


අතිගරු ජනාධිපති තුමාගේ වනරෝපා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වේ වන ගහනය ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් “ සමෘද්ධි හරිත උයන” වැඩසටහන ක්‍රියාත්මක වේ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි රුක් රෝපණ ව්‍යාපෘතිය 2017.09.21 දින වටරැක බන්ධනාගාර වැඩකදවුර භූමියේදී පැවැත්විණ. කළුවර, හල්මිල්ල, මහෝගනී, කුඹුක්, සුදුහදුන්, තේක්ක පැල මෙහීදී රෝපණය කෙරිණ.
පැල සිටුවීමේ උත්සව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ඩබ්.ඒ.එල්.ලංකාතිලක මැතිතුමා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නදීකා සංජිවනී මැතිනිය, සහකාර බන්ධනාගාර අධිකාරි එස්.වී.එච්.ප්‍රියංකර මැතිතුමා , හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නන්ගර මැතිතුමා, කොළඔ දිස්ත්‍රික් සමෘද්ධී අධ්‍යක්ෂ අශෝක කුමාර මැතිතුමා, නියෝජ්‍ය ප්‍රධාන ජේලර් හරිස්චන්ද්‍ර දයාරත්න මැතිතුමා , දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු මොහාන් පෙරේරා මයා, කළමණාකාර අධ්‍යක්ෂ ටී.ජී.ශ්‍රියාණි මිය, සමෘද්ධි මුලස්ථාන කළමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මිය, මීගොඩ සමෘද්ධි කලාපයේ කළමණාකරු ඒ.ආර්.රුපසිංහ මයා, පානළුව ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරි නාමල් ධර්මසිරි මයා, වටරැක බන්ධනාගාරයේ කෘෂිකර්ම උපදේශක කේ.සී.පී.පෙරේරා මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරින.
මෙම හරිත වන ව්‍යාපෘතිය රැකබලා ගැනීම හා නඩත්තු කටයුතු වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සහකාර බන්ධනාගාර අධිකාරි එස්.වී.එච්.ප්‍රියංකර මැතිතුමාගේ අධීක්ෂනයෙන් සිදුකෙරේ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නන්ගර මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම මත සමෘද්ධි හරිත උයන ව්‍යාපෘතිය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලන්දුව මෙනවිය හා සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර චමිලා ජයතුංග මිය විසින් සංවිධානය කරනු ලැබීය.









වාර්තා කිරීම   - සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    - සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ කොළඹ, ඒ. ෆිලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     - දිස්ත්‍රික් අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment