Sunday, January 28, 2018

වජිරා නිශාන්ති මහත්මියගේ පවුලට ඉදි කල නව නිවස.


“ මුදල් නිවසක් තුල රදවාගෙන පුද්ගලයෙකුට සතුටක් ලබාගන්නවාට වඩා එම මුදල් අසරණ පුද්ගලයෙකු වෙනුවෙන් නිවසක් තනා දීමට හා විවිධ වු සමාජ සත්කාරක වැඩ සටහනකට එම මුදල් යෙදවීමෙන් තම ජීවිතයේ අවසාන මොහොත දක්වාම සතුටට පත්විය හැකියි. මෙසේ අදහස් දැක්වුයේ  දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතා 2017 ජනවාරි මස 19 වන දින පැවති හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වල්පිට ග්‍රාම නිලධාරී වසමේ නිවසක් නොමැතිව මන්ද මානසික දරුවකු සමග ඉතා දුෂ්කරව ජීවත් වු වජිරා නිශාන්ති මහත්මියගේ පවුලට ඉදි කල නව නිවස භාරදීමේ අවස්ථාවට එක්වෙමින්ය.

විදුලිය සහිතව රු.ලක්ෂ පහක පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර භාර දීමට කටයුතු කරන ලද්දේ වල්පිට ග්‍රාම නිලධාරී වසමෙහි වැඩ බලන දිවිනැගුම සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න මහතා හා වල්පිට සමෘද්ධී සමිතිය විසිනි.
මෙම නිවස භාර දිමේ උත්සව අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ ඒ.ජී.එස් අශෝක කුමාර මහතා,හෝමාගම ප්‍රාදේශිය ලේකම් ජි.එස්.කේ. කන්නන්ගර මහතා, මීගොඩ දිවිනැගුම කලමනාකරු ඒ. ආර්. රූපසිංහ මහතා, මහා සංගම් අධ්‍යක්ෂ ටී. ජී. ශ්‍රියානි මහත්මිය, මුලස්ථාන කලමනාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක මහතා, මීගොඩ කලාපයේ සංවර්ධන නිලධාරීන් හා ප්‍ර‍දේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.


නිවස භාරදීම.








වාර්තා කිරීම  - සමෘද්ධි සන්නිවේදක හෝමාගම. චමිලා ප්‍රියංගිකා මිය.

සැකසුම        - දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය   - දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment