Sunday, January 28, 2018

“සිහිනය යථාර්ථයක් කරා”


හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ නිවසක් නොමැතිව ගරා වැටුණු නිවසක මන්ද මානසික පිරිමි දරුවකු සමග ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් ජීවත් වු ආර්.ඒ. කල්‍යාණවතී  මහත්මියගේ පවුලට ඉදි කල නව නිවස භාරදීම පසුගිය දා හෝමාගම ප්‍රාදේශිය ලේකම් ජි.එස්.කේ. කන්නන්ගර මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරින.
හෝමාගම සමෘද්ධි සමාජ සංවර්ධන පදනමෙන් හා මීගස්මුල්ල ග්‍රාමයේ  පරිත්‍යාගශිලීන්ගේ ධන පරිත්‍යාගයෙන් අංග සම්පූර්ණ රු.ලක්ෂ දොළහකට වැඩි  නිමි වටිනාකමකින් යුත් මෙම නිවස ඉදිකර භාර දීමට කටයුතු කරන ලද්දේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරී පද්මසිරි රතුගමගේ  මහතා හා මීගස්මුල්ල සමෘද්ධී සමිතිය විසිනි.

මෙම නිවස භාර දිමේ උත්සව අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස් අශෝක කුමාර මහතා, ජි.එස්.කේ. කන්නන්ගර මහතා, මීගොඩ දිවිනැගුම කලමනාකරු ඒ. ආර්. රූපසිංහ මහතා, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු ටී. ජී. ශ්‍රියානි මහත්මිය, මුලස්ථාන කලමනාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, හෝමාගම කලාප කළමණාකරු ජීවනී ද කොස්තා මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු බී.එම්.එම්.ජී.එස්.බණ්ඩාර මහතා. ග්‍රාම නිලධාරී සුනිල් ගමගේ මහතා, හෝමාගම කලාපයේ සංවර්ධන නිලධාරීන්, සමාජ සංවර්ධන නිලධාරීන්, නිවස ඉදිකිරිමට දායකත්වය දැක්වු පරිත්‍යාගශීලි මහත්ම මහත්මීන් හා ප්‍ර‍දේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

පැරණි නිවස.


නව නිවස.



නිවස භාරදීමේ උත්සවය.




වාර්තා කිරීම - සමෘද්ධි සන්නිවේදක හෝමාගම. චමිලා ප්‍රියංගිකා මිය.

සැකසුම       - දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ෆිලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය  - දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.


No comments:

Post a Comment