Sunday, June 24, 2018

අධි පොසොන් සැමරුම මොරටුව උතුර සමෘද්ධි කළාපය.

මෙවර අධි පොසොන් පොහෝ දිනය සමරමින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරටුව උතුර කළාපයේ කළමණාකාරු දුලානි ප්‍රියංගිකා මහත්මියගේ මූලිකත්වයෙන් හා කළාපයේ සියලුම දිවිනැගුම සංවර්ධන නිලධාරීන්ගේ උනන්දුව හා කැපවීම මත සංවිධානය කෙරුණු දාන සීල භාවනා වැඩසටහනක් සොයිසාපුර පිහිටි සමෘද්ධි ප්‍රජාමූල බැංකු පරිශ්‍රෙය් දී පසුගිය දා පැවැත්වුණි.













          කළාපයට අදාළ සෑම ග්‍රාම නිළධාරී වසමක්ම නියෝජනය වන පරිදි සහභාගී වූ පිරිස් සිල් සමාදන් කරවනු ලැබුවේ මොරටුව බෝධිරතනාරාම වාසී පූජ්‍ය වීරවිල සුනීත හිමි විසිනි. එදින දවස පුරා පැවැත් වූ මෙම වැඩසටහන සඳහා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් ඇතුළු පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ කටයුතු රාශියකින් සමන්විත විය.
          එදිනට නියමිත පෙරවරු ධර්ම දේශනාව රත්මලාන මංගලාරාම වාසී පූජ්‍ය මේධානන්ද හිමි විසින් පැවුත්වූ අතර පස්වරු ධර්මදේශනාව සොයිසාපුර බෝධිරතනාධිපති පූජ්‍ය ගෝනදෙනියේ සුමනරතන හිමි විසින් පවත්වන ලදී.  මොරටුව උතුර කළාප කළමණාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන හා සම්බන්ධ වෙමින් නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිතර නිතර දක්නට ලැබෙන බවත් මේ තුළින් මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වැඩි දියුණු කිරීමට මෙම නිලධාරීන් ගන්නා උත්සහය සමස්ථ රටට ම ආදර්ශයක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කරන ලදී.  මෙම වැඩසටහන සදහා සියළු වියදම් කළාප කළමණාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පෞද්ගලික වියදමින් සිදුකළ අතර එය ද, පැමිණි බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.  ලබන 27 දිනට යෙදෙන පොසොන් උත්සවය සමරමින් ද දන්සැල්,බණ , භාවනා ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට ද මොරටුව උතුර ප්‍රජාමූල බැංකු කළමණාකරු ඇතුළු කාර්යමණ්ඩලය මේ වන විට සංවිධානය වෙමින් සිටී.


වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක, මොරටුව. එන්. යසරත්න මහතා

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ, කොළඹ. ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය     -   දිස්ඒත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, කොළඹ. ජී.එස්. අශෝක කුමාර මහතා.

No comments:

Post a Comment